හුංගම බටඅත ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී මෙම ඝාතනය සිදුවී ඇති බව හුංගම පොලිසිය පවසනවා.

හුංගම පොලිස් වසමේ ගංවතුර ගම්මානයට හැරෙන හන්දිය අසලදී පුදගලයකු විසින් තවත්
පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට හුංගම පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු
නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ හුංගම බටඅත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය
පවසනවා.

මෙම සාතනයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර අඟුණුකොළපැලැස්ස
මහේස්ත්‍රාන්තුමා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිත බැවින් මෘත ශරීරය පොලිස්
ආරක්ෂාව යොදවා ඇත.

මෙම ඝාතනයේ සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා සුංකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here