ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු බව කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කළා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේයි.

එහිදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියම කළා.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියම කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here