වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් අද(4) පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව,ඉරුදය පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා 59 දෙදරු පියෙකි.

මීට වසර තුනකට ඉහතදී වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පෙදෙස ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩපළ කිරීම සඳහා පැමිණ තිබූ මිය ගිය පුද්ගලයා අද පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් පැත්තකට නැවී ජනෙල පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී ශරීරයේ සමබරතාවය
ගිලිහි එකවරම පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

පහළට මුනින් අතට වැටුණු එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔහුගේ හිස සහ මුහුණ ප්‍රදේශයෙන් ලේ ධාරාවක් ගලාගෙන ගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here