සංගීත විශාරද ජ්‍යෙෂ්ට කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්තවී තිබෙනවා.

මාතර තෙලිජ්ජවිල උපන් ඔහු මිය යන විට අසූ අට වන වියේ පසුවූවා.

චන්ද්‍රදාස බෝගොඩ සූරීන් සංගීත කථිකාචාර්යවරයකු, අධ්‍යාපනඥයෙකු, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පියෙකු වශයෙන් සංගීත-අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා කරන ලද සේවය සුවිශේෂී‍ය.

පෙම් කළ වරදට, මගේ නීල නෙතු සඟළින්, නීල වර්ණ නීල කොබෙයියෝ, සීත දිය රැල් සලා, මා හිස පිරිමැද නැවත නොඑන්නට, ථූප වංශ භූමියේ මම උපන්නෙමී යනාදි ගීත රැසක තනු හා සංගීත නිර්මාණ ශිල්පියා වූ එතුමන් දක්ෂ ගායකයෙකු ද වේ.

“මහද කළු වළා මිලිනව” එතුමන්ගේ ගීත අතර සුවිශේෂීය.

චන්ද්‍රදාස බෝගොඩ සූරීන්, ගායන ශිල්පිනී විශාරද ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ වැඩිමල් සහෝදරයා ද වේ.

ඔහුගේ අවසන් කටයුතු හෙට (05) දින මාතරදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here