අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 138.66කින් ඉහළ ගොස් ඒකක 17,353.05 ක් ලෙසින් සටහන්වුණි.

එය ඊයේ (03) දිනයේ වාර්තා වූ මෙතෙක් ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 17,214.39 සීමාව ඉක්මවා යාමකි.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ලංකා දුම්කොළ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් සමාගම, හේමාස් හෝල්ඩිංග්ස්, ලයන් බෘෘවරි සිලෝන් සහ කාර්ගීලිස් සිලෝන් යන සමාගම්වල කොටස් මිල වැඩි වීම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 28.38කින් ඉහළ ගොස් ඒකක 5,159.66ක් ලෙසින් සටහන් විය.

රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here