කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් බිහි කිරීම සඳහා වන මූලික යෝජනාව ඊයේ (04) කතානායක කාර්යාලයේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කලා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මැදිහත්වීම මත මෙම යෝජනාව කතානායකතුමා වෙත බාරදී තිබුණේ මහනුවර දිස්ත්‍රික්⁣ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ ගම්පහ දිස්ත්‍රික්⁣ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරු විසිනි.

ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ සලකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

මෙම නව පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය මගින් මෙරට කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ වැඩසටහන් රැසක් ආරම්භ කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here