මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ, එකම දිසාවට ධාවනය වී තිබෙන බව වාර්තා වෙනවා‍.

ඒ අනුව, අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී, තවත් දුම්රියක් එදෙසටම ධාවනය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පානදුර සහ මොරටුව අතර සංඥා දෝෂයක් පිළිබඳව තමාට තොරතුරු වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අදාළ දෝෂය නිවැරදි කරන ලෙසට උපදෙස් දුන් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here