බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළා.

පෙත්සම විභාගයට ගැනීමට නියමිත විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරුවරයකු ලෙස නම් කර සිටි අභියාචනාධිකරණ විනසුරු ෂශි මහේන්ද්‍රන් මහතා නොමැති වීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබුවා.

අභියාචනාධිකරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී.කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇපෑල විභාගයට ගැනීමට නියම කර තිබුණා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එම දඬුවම වසර පහකට කාලයකට අත්හිටුවීමටද නියෝග කල බව පෙත්සමේ සඳහන් වනවා.

ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක්ද මහාධිකරණය විසින් තමන්ට නියම කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කාර ප්‍රසන්න රණතතුංග මහතා මහාධිකරණයේ එම තීන්දුව හා දඬුම බල රහිත කර සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල මඟින් ලෙස ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here