මේ දිනවල වෙළෙඳපළේ මත්ස්‍ය මිල ගනන් පවතින්නේ ඉතා ඉහළ අගයකයි.
වෙළෙඳුන් පවසන්නේ, පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු නොයෑම මෙම තත්ත්වයට හේතුව බවයි.
ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 750ත් 800ත් අතර, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක්, බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 1000ත්, 1,200ත් අතර, කෙළවල්ලා රුපියල් 1,500ක්, තලපත් රුපියල් 2,000ක්, තෝර මාළු රුපියල් 3,000ක් ලෙස තොග මිල දැක්වුණා.