ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකිරීම හේතුවෙනි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද අල්ලස් කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here