දේශීය කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමින් කෘෂි නිෂ්පාදන වඩා සුරක්ෂිත හා ඉහළ ගුණාත්මක තත්වයෙන් යුක්තව ඇසුරුම් කිරීමත් ප්‍රවාහනය හා ගබඩා කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන මීට දශක කිහිපයකට පෙර රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව ආරම්භ විය. එය රත්න සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, ගරු සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මැතිතුමාගේ ව්‍යාපාරික දර්ශනය අනුව හැඩ ගැන් වී ලොව අනෙකුත් පොලිසැක් ඇසුරුම් තාක්ෂණික හැකියාවන් නිර්මාණ ශීලීත්වයන්ට සමපාක වූ දේශීය කර්මාන්ත ශාලාවක් ලෙස රත්න පොලිසැක් කර්මාන්තශාලාව ඉදිවිය.

මෙමගින් නිෂ්පාදන ඇසුරුම් හි ආකර්ෂණය, ගුණාත්මක තත්වය හා නිෂ්පාදනයන්ගේ අගය වැඩි කිරීම ආදී විශේෂ හැකියාවන් රැසක් එකතු කිරීමට හැකියාව ලැබී ඇත. දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් හා ඇසුරුම් කරණයේ විප්ලවීය පෙරළියක් ඇති කරමින් රත්න පොලිසැක් සිය අති නවීන දෙවන දැවැන්තකර්මාන්ත ශාලාව පොළොන්නරුවේ දී පසුගිය දා විවෘත විය.

ශ්‍රී ලංකාවේ දැවැන්තම මෙන්ම, අති නවීනතම පොලිසැක් කර්මාන්ත ශාලාව ලෙස විවෘත වූ රත්න පොලිසැක් කර්මාන්ත ශාලාවේ සියලු යන්ත්‍ර – සූත්‍ර ස්වයංක්‍රීය මෙන්ම අති නවීන තාක්ෂණයට අනුකූල ඒවා වෙයි. එසේම ISO ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් රත්න පොලිසැක් ආයතනය පිදුම් ලබා ඇත.

අලුතින් ඉදි වූ රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව ප්‍රමාණයෙන් වර්ග අඩි ලක්ෂ 2 ක් ඉක්මවයි. එය කාලයේ තාලයට (State of the art) ඉදිකල නවීන කර්මාන්තශාලා පරිශ්‍රයකි.

නව කර්මාන්තශාලාව ඉදිකිරීම නිසා අලුතින් සෘජු රැකියා අවස්ථා 1000 ට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇති අතර, වක්‍ර රැකියා අවස්ථා ගණන 2500 ට අධිකය. මෙමගින් ප්‍රදේශයේ තරුණ ශ්‍රමයට වැඩි වටිනාකමක් ලැබෙන අතර දුෂ්කර ගම්මාන වල කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවන මට්ටම් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීම නිසා පවුල් දහස් ගණනකට සෙත සැළසෙන බව රත්න සමූහ ව්‍යාපාරය දන්වා සිටී.

කර්මාන්ත ශාලාව මගින් සියලුම Woven බෑග්, මුද්‍රිත බෑග්, ලැමිනේට් කල බෑග්, ග්‍රැවියෝ ප්‍රින්ට් ලැමිනේට් බෑග්, ලෙනෝ බෑග් ආදී විවිධ මාදිලියේ බෑග් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් දිනකට නිෂ්පාදනය කෙරේ.

මේ ආකාරයේ සියලුම බෑග් වර්ග එකම වහළක් යට නිපදවෙන එනම සහ විශාලතම කර්මාන්තශාලාව මෙය වේ.

මෙම කාර්යයේදී පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක්, තාක්ෂණික ශිල්පීන්, පර්යේෂණාගාර පහසුකම්, නිර්මාණ සැකසුම් අංශ, ඉංජිනේරු තාක්ෂණික ශිල්පීන් ආදී දහස් සංඛ්‍යාත පිරිසක් දිවා රාත්‍රී සේවයේ නිරත වේ. ඊට අමතරව මින් පෙර සමහර විශේෂිත ඇසුරුම් මාදිලි විදේශයන්ගෙන් ආනයනය කළ අතර, නව කර්මාන්තශාලාව ඉදිකිරීමෙන් පසු ඒ සියල්ලම දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබී ඇත.

මෙමගින් කාලය, ශ්‍රමය, වියදම, අවම කරගෙන දේශීයව ජාත්‍යන්තර තත්වයේ ඇසුරුම් තම නිෂ්පාදන සඳහා සපයා ගැනීමේ වාසිය දේශීය නිෂ්පාදකයින්ට ලැබී ඇත.

ඇසුරුම් සඳහා සුපිරි පෙනුමක් ආකර්ෂණීය අනගි නිමාවක් එක්කළ හැක. එක් එක් පාරිභෝගික අවශ්‍යතාව මතතමාට සුවිශේෂ වූ ආවේනික නිර්මාණ වලින් තම ඇසුරුම් හැඩ ගන්වා සාදවා ගැනීමේ පහසුව මෙමගින් උදාවී ඇති අතර ඊට අවශ්‍ය Artwork නොමිලයේ නිර්මාණය කරදීම සිදු කරයි.

පරිසර හිතකාමී කර්මාන්තශාලා පරිශ්‍රයක් ලෙස ඉදිකර ඇති මෙම නව කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ ප්‍රතිශතය 0% ක අගයකි. සියලු අපද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීය කරණය කරමින් මිහිකත සුරැකීමේ අග්‍රහන්‍ය මෙහෙවරට දායකත්වය සපයයි. ඊට අමතරව පරිසර හිතකාමී ඵලදායීතාවයට ප්‍රමුඛත්වය දෙමින් බල ශක්ති භාවිතය සුර්ය සෝලා පැනල මත පදනම් වූ 2000Kv සූර්ය බල ශක්ති පද්ධතියක් මෙහි ස්ථාපිත කර ඇත. එය ජාතික බලශක්ති සැපයුමට කොළ පැහැති සංඥාවක් නිකුත් කරමින් පරිසර හිතකාමී සුනිත්‍ය බලශක්ති මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන අනාගත කර්මාන්තශාලා පරිශ්‍රයක වර්තමාන උදාහරණයක් ලෙස හැඳින් විය හැක.

අලුතින් ඉදිකළ කර්මාන්තශාලවේ නිෂ්පාදන ධාරිතාවයත් සමග මෙරට සමස්ථ පොලිසැක් වෙළඳ පොලේ 60%ක හිමිකාරිත්වයක් රත්න පොලිසැක් විසින් හිමිකර ගනී.
රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති, ගරු සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මැතිතුමාගේ ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කරනු ලබන ව්‍යාපෘති අතරින් එකක් ලෙස මෙම නවතම රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව විවෘත කිරීම සනිටුහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here