2025 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී ඇත.

ඒ අනුව ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,624.4 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක්.

මේ අතර 2025 මැයි මාසය තුළ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1 ක් ලෙසින් වාර්තා වනවා.

ඒ අනුව 2025 මුල් මාස 05 තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1,543.1 ක්.

එය 2024 මුල් මාස 05 වාර්තා වුණු ඩොලර් මිලියන 1,405.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8% ක ඉහළ යාමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here