අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත් අඩංගුවට
ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
අන්තර්ජාලය හරහා මුදල් වංචාවක් සිදු කර ඇති බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ
වයඹ පළාත් උප ඒකකයට ලද පැමිණිලි දෙකක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක්
දියත් කළා
ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන වයඹ පලාත් ඒකකයේ නිලධාරීන් විසින් රුපියල් 1,206,220/- ක
( දොලොස් ලක්ෂ හයදහස් දෙසිය විස්සක්) මුදලක් වංචා කිරීම සම්බන්ධව එක් සැකකරුවෙකු හා
මුදල් රුපියල් 780,500/- ක් ( හත් ලක්ෂ අසූ දහස් පන්සියයක්) වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක්
අත්අඩංගුවට ගනු ලැබුවා.
පෙරේදා (04) අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24 ක් වයසැති බොක්කාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
වන අතර සැකකාරිය අවුරුදු 26 ක් වයසැති වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය විසින් වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් සමූහයක් මඟින් සන්නාමයක්
භාවිතා කරමින් පැමිණිලිකරුවන් හට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් මුදල්
ගිණුමකට බැර කර ගෙන මෙම මුදල් වංචාව සිදු කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වි තිබෙනවා.
පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.