යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හීදි ඉදිරිපත්කල අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක  මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මෙම වෙන්දේසි ඊයේ (05) රාත්‍රියේ යපනය වන්නාර් පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජ භණ්ඩ වෙන්දේසිය ආරම්භ වී තිබුණි.

අදාල වෙන්දේසියේදී පූජාවට තබා තිබූ අඹ ගොඩියක් වෙන්දේසි කොට ඇති අතර එම අඹ ගෙඩිය යාපනයේ පදිංචි මේ වන විට විදෙස්ගතව සිටින බැතිමතෙකු විසින් රුපියල් 460,000 ක මුදලකට මිලට ගනු ලැබීය.

මේ අතර තවද යාපනය නගරයේ කාලිකම්බාල වීරබද්‍ර හින්දු කෝවිලේ පැවති දේව පූජා වෙන්දේසියකදී අඹ ගෙඩියක් යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි බැතිමතෙකු විසින් රුපියල් 375,000 ක මුදලකට මිලට ගෙන ඇත.මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගෙස් තැන්පත් කිරීමේදී සාමය සෞභග්‍ය ලඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතරම කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් දී ලබා ගැනීම තවත් හේතුවක් බවටද හිමිකරුවන් පැවසීය.

( වන්නි රොමේෂ් මධුෂංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here