පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි.

මෙවර ජාතික පොසොන් උත්සවය  අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පවසන්නේ, ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

අනුරාධපුර සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කරනවා. 

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරට පැමිණීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙසද රංජිත් විමලසුරිය මහතා සැදැහැවතුන්ට  දැනුම් දෙනවා.

එමෙන්ම, පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති අතර, රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළා.

මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here