හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙසේ පුද පූජා පවත්වා ඇති වැඩි පිරිසක් විවිධ දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති.
පසුගිය දිනවල කතරගම දේවාලයට පමණක් හිටපු දේශපාලඥයන් විස්සකට වැඩි පිරිසක් පැමිණ පුද පූජා පවත්වා ඇතැයි එම දේවාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව සිටින රජයේ උසස් නිලධාරියෙකු පසුගිය දිනක විශේෂ ආරක්ෂාවද සහිතව ගොස් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එම ප්‍රදේශයේ නායක භික්‍ෂූන් වහන්සේලාද හමුවී ආශිර්වාද ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එසේම ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයකුද එරට කෝවිලකදී මහා පරිමාණයේ පූජාවක් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇත.
විවිධ දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන් විස්සකට ආසන්න පිරිසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගැනිණ.
(උපුටා ගැනීම – ලංකාදීප )