මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට බලපත්‍ර ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත්
රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර
සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා
කරුවන් තිදෙනො ජුනි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, එම
දෙපාර්තමේන්තුවේ සහකාර කළමණාකරුවකු වන ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරුවකු වන සමන්ත පෙරේරා
යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරකට අනුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්
විසින් පසුගිය මැයි 23 වැනිදා කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම වැටලීමේදී පලමු සැකකරුගේ නිල කාමරයේ අල්මාරියක තිබී ලක්ෂ 39 කට අධික මුදලකුත් තුන්වන
සැකකරුගේ බෑගයේ තිබී ලකෂ දෙකකට අධික මුදලකුත් සොයා ගත් බව විමර්ශන නිළධාරීන්
අධිකරණයට දන්වා සිටියා.
බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේදී මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තුළ කිසිඳු ආකාරයක මුදල්
ගණුදෙනුවක් සිදු නොවන බව කියා සිටි විමර්ශන නිළධාරීන් කියා සිටියේ සේවා ලබා ගැනීමට පැමිණෙන
ජනතාව බැංකුවට මුදල් ගෙවා ඉදිරිපත් කරන රිසිට්පත මත බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුවන බවයි.
එමෙන්ම වැටලීම සිදුකළ දිනයේ ආයතන පරිශ්‍රයේ පටිගත වී තිබූ සියළු සීසීටීවී දර්ශනද මකා දමා ඇති
බව පැවසිය.