ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කරනු ලැබුවා. 

චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම අයිෆල් කුළුණටත් වඩා මීටර් 35ක් එනම් අඩි 114ක් උසින් යුක්තයි. 

එය ඉදිකිරීමට ඉන්දියානු දුම්රිය සේවයට වසර 20කට වැඩි කාලයක් ගත වුණා. 

මෙම පාලම ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1999 වසරේදී වන අතර, ඉදිකිරීම් නිම කිරීම සදහා වැය වී ඇති මුදල ඩොලර්- මිලියන 168ක්. 

ඒ සඳහා භාවිත කර ඇති යකඩ ප්‍රමාණය ටොන් 28,000ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here