පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනවා.
ඒ අනුව අනුරාධපුර නගරය අවට ඇති අනුරාධපුර මධ්‍ය විද්‍යාලය , ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය , වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය , සහිරා විද්‍යාලය , දේවානම්පියතිස්ස විද්‍යාලය හා නිවත්තකචේතිය යන විද්‍යාලය යන පාසල් අට ඉහත දිනවල දි වසා තැබෙන බව සඳහන්.
මීට අමතරව මිහින්තලය අවට ඇති මිහින්තලේ මහා විද්‍යාලය , කම්මලක්කුලම විද්‍යාලය හා පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය යන පාසල් තුනත්, තන්තිරිමලේ විමලඥාන විද්‍යාලයත් ජුනි 07 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
පොසොන් සතිය අදින් (07) ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.