2025 මැයි මාසයේදී විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 641.7 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.

එය 2024 මැයි මාසයේදී දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 544.4 ක් ලෙසය.

2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ලැබී ඇති මුළු ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 3,102.2 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලය තුළ ලැබී ඇති මුළු ප්‍රේෂණ ඔරමාණය වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 2,624.4 ක් ලෙසය.

ඒ අනුව එය වසරකින් පසුව 18.2% ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here