රට ඇතුලේ දැනුම පිලිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන්
සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක පවසනවා.

රංග දිසානායක මහතා කියාසිටින්නේ පාර්ලිමේන්තුවේ තමන් සම්මත කරපු පනත ගැනවත්
නොදනන් අය සිටින බවය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු මහාධිකරණ විනිසුරු
රංග දිසානායක මේ බව කියා සිටියේ වෘතිකයින්ගේ සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග දිසානායක මහතා මෙසේද පැවසුවා ….

“අද ලංකාව ඇතුලේ දැනුම පිලිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා ….. හැම ක්ෂේත්‍රයකම … ඔබට
ඒක බොහෝම සරලව බලන්න පුළුවන් ….ඔබ බලන්න ඔබගේම වෘතියේ උනත් මීට දශක තුන
හතරකට කලින් ඉන්න මිනුස්සුත් එක්ක බැලුවම ඔබට තේරෙනවා අපි කොහෙද ඉන්නේ කියලා
මම දන්නේ නැ එම බිඳවැටීම කොහොමද වෙලා තියෙන්නේ කියලා ….අපිට පේනවා අදත් අපේ
ඉස්සර හිටපු ප්‍රින්සිපල්ලා(විදුහල්පතිවරු) අපේ ටිච්ර්සලා (ගුරුවරු )…අපේ ජනර්ලිස්ට්ලා (මාධ්‍ය –
වේදීන් ) පේනවද …. ඒ කලේ හිටපු …..ඒ බිඳවැටීම ඉතාම පැහැදිලිව පේනවා … දැනුම පිළිබඳව වන
සමහර දේවල් වලදී හොඳටම පේනවා … පාර්ලිමේන්තුව බැලුවම මොනවාද කතා කරන්නේ ..?
තමන් පාර්ලිමේන්තුවේ පස කරපු (සම්මත ) පනත ගැන දන්නේ නැති මිනිස්සු …

මම මේ සැරේ බජට් එකේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වැඩිවෙලා හිටියා බජට් ස්පීච් එක (අය වැය )
අපේ අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසමට අදාල විවාදයේදී ..මට පොඩි ප්‍රශ්නයක් අවා දුෂණ
විරෝධි පනත ලංකාවේ පාර්ලිමේන්තුවේද පාස් කළේ එහෙම නැතිනම් වෙන කොහේ හරි
පර්ලිමෙන්තුවකින්ද කියලා ….එකේ ඇතුලේ ඉඳන් මේකේ බොරු කියනවා …..එතකොට මිනිස්සුන්ට
අපි මොනවාද කියන්නේ නීතිය සම්බන්ධයෙන් … අපි කියන්නේ නීතිය නොදැන සිටීම නිදහසට
කරුණක් නෙවි කියලා …කවුද ඕක ඉගැන්නුවේ …. කවුරුත් උගන්නලා නෑ …ඊළඟට පනත් සම්මත
කරගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නය …ලෝකේ තිබෙන හොඳම පනත හදන්න ෆුල් ට්‍රයි කරනවා …
(උත්සහ )…. මේ දවස්වල නෙවි දැන් ටික කාලයක ඉඳලා … හැබැයි අපි බැලුවොත් සාක්ෂි පනත ..
කොටස් 165 යි …සුද්දගේ කළේ හදපු පනත් සමහර විට පිටු දෙකයි තුනයි …..දැන් පනත් හදනවා
කියවන්නම මාසයක් විතර යනවා ….හැබැයි ඒවා කියවන්නෙත් නෑ …ඊට පස්සේ ඒවායේ තියෙන
දේවල් වෙන්නෙත් නෑ …. මොකද ඊළඟ එක තමයි …කාට ඕනවටද හදන්නේ කියලා ….මිනිස්සු
දන්නේ නැ … ඇත්තටම රටේ සංවාදයක් නැ … නීතියක් හදන එක ගැන ….

මොකක්ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය .. .. මිනිස්සු අවුරුදු 5 කට සැරයක් තමන් වෙනුවෙන් නීති
හදන්න 225 ක් පාර්ලිමේන්තු යවනවා …. හැබැයි ඒ හදන නීති මේ රටේ ජනතාව දන්නේ නැ …
පාරේදී මොකකට හරි අල්ලන් කියනවා මෙහෙම පනතක් තියෙනවා කියලා …ඒක ඇත්තටම
විශාල බිඳවැටීමක් … ඒ නොදනිම දුෂණය ඉහවහා යාමට හේතුවක් වෙලා .”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here