ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය
මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07)ව සවස මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ
විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් තොරතුරක් මත වැටලීමක් සිදුකොට තිබෙනවා.
එහිදී ටී 56 වර්ගයේ අවියක් හා එම පතරොම් 29 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය
පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36 ක් වයසැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ගිනි අවිය කිසියම් අපරාධයකට යොදා ගැනීමේ අරමුණින් සඟවා තිබු එකක්ද නැතිනම් මෙම ගිනි
අවිය කිසියම් අපරාධයකට යොදා ගත්තේද යන්න පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම් වල අවධානය යොමුවී
තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .