වවුනියාව විශ්ව විද්‍යාලයපයේ සිසුන් හා අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් 51% කට
වැඩි පිරිසක් විවිධ අක්ෂි ආබාධවලින් පෙලෙන බව අනාවරණයවි තිබෙනවා.

යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි ඒකකය විසින් වවුනියාව විශ්ව විද්‍යාලය තුළ පවත්වන
ලද විශේෂ අක්ෂි සායනයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරු, සිසුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල
සමාජිකයින් අක්ෂි පරික්ෂාවට භාජනය කොට තිබෙනවා.

එහිදී එම පිරිසෙන් 51.4 % ක පමණ විවිධ අක්ෂි රෝග වලට ගොදුරු වී සිටින බව අනාවරණය
වී තිබෙනවා.

යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය එම්. මලරවන් මහතාගේ ප්‍රධානත්වයෙන්
යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම අක්ෂි සායනය පවත්වනු ලැබුවා.

එම අක්ෂි සායනයේදී අක්ෂි රෝග පෙන්නුම් කළ සියලුම දෙනාට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ එම
රෝග වලට ප්‍රතිකාර ලබා දීමේ වැඩ සටහනක් මේ වන විට ආරම්භ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here