යාපනයේ තනන්කිලප්පු ප්‍රදේශයේදී බස් රථයක් තුළදී බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට
ලිංගික අතවර කළ පුද්ගලයින් දෙදෙනෙකු චාවාකච්චේරී පොලීසියෙන් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
ඊයේ (07) සිද්ධිය වාර්තාවූ බව චාවාකච්චේරී පොලීසිය පවසනවා.
බීමත්ව සිට ඇති මෙම පුද්ගලයින් දෙදෙනා පාලු බස් රථයක් තුළදී දැරියන්ට ලිංගික අතවර කළ
අවස්ථාවේදී දැරියන් කෑගැසීමෙන් පසුව අවට සිටි පිරිස් එම ස්ථානයට රැස්වි තිබෙනවා.
පසුව ඔවුන් බස් රථය තුළට ගොස් දැරියන් දෙදෙනා බේරා ගෙන පොලිසිය දැනුවත් කොට තිබෙනවා.
ඒ අනුව වහාම පොලීසිය පැමිණ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර දැරියන් දෙදෙනා වෛද්‍ය
පරීක්ෂණයක් වෙත යොමු කොට ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා චාවාකච්චේරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර
ගෙන තිබෙනවා.