දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින්
යුත් නිල් කහ වර්ණ මැකෝ ගිරවෙකු කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කොට තිබෙනවා.

ඉකුත් 4 වෙනි දින රාත්‍රී සිදුවී ඇති මෙම සොරකම සත්වෝද්‍යානය වෙළද සැලක සවිකර ඇති
ආරක්ෂිත කැමරාවලද සටහන්ව ඇත.

මෙම ගිරවා රදවා සිටින කූඩුව තුළ නිල් කහ වර්ණ මැකෝ ගිරවුන් 30 ක් රඳවා සිට ඇති අතර ඉන්
එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් තිබෙනවා.

කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සදහා යතුරු රැගෙන විත් කූඩුව විවෘත කිරීමට යාමේදී එහි
ආරක්‍ෂාවට දමා තිබූ ඉබ්බා කඩා ඇති බව දැක පසුව ඉහල නිලධාරීන් දැනුවත් කොට පරීක්ෂා
කිරීමේදී ඒ තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අතුරුදන්වී ඇති බව පෙනී ගොස් ඇත.

පසුව මෙම ගිරවා අතුරුදන්වීම පිළිබදව එහි පාලනාධිකාරිය විසින්‌ දෙහිවල පොලිසියට පැමිණිලි
කර තිබෙනවා .

කෙසේ වෙතත් සත්වෝද්‍යානයේ කිසියම් සත්වයකු අතුරුදන් වීමක් හෝ සොරකම් කිරීමක් සිදු
වුවහොත් ඒ පිළිබඳව පොලිසියේ පැමිණිලි කළ යුත්තේ සත්ව අංශ භාර නිලධාරීයකු හෝ ඉහල
නිලධාරීයකු විසින් වුවත් මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සත්වෝද්‍යානයේ නියෝජ්‍ය
අධ්‍යක්‍ෂිකාවක විසින්‌ සතුන් පිලිබදව අවබෝධයක් නොමැති ආරක්‍ෂක නිලධාරීයකු යොමු කිරීම
විමතියට කරුණක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

2021අගෝස්තු 08 වනදා මෙම කූඩුවේ රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර
පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here