සක්‍රිය සේවයේ සිට නීත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් වු 10000 ක් පොලිස් උප සේවයට
බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අමාත්‍ය
ආනන්ද විජේපාල පවසනවා.

මිට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝදුරට හෙට (09) දිනයේ අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය
සඳහා ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු පලකරනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කියා සිටියේ
තඹුත්තේගම නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා …

“පොලිසිය ප්‍රමාණාත්මකව වැඩි කරන්න අපි තීන්දු කරලා තියෙනවා …පොලිසිය ගුණාත්මකව වැඩි
කරන්න අපි තීරණය කරලා තියෙනවා ….පොලිස් උප සේවාවට 10000 ක් බඳවා ගන්න අපි තීන්දු ..
කරලා කැබිනට් පත්‍රිකාව සකස් කරලා මං හිතන්නේ හෙට (09) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්
කරන්න …හැකි වේවි …අපි යෝජනා කරලා තියෙනවා හමුදා සේවයෙන් සක්‍රියව ඉඳලා ..වයස අවුරුදු
45 ට අඩු නිත්‍යානුකුලව ඉවත් වෙලා … යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන 10000 ක පිරිසක් පොලිස්
සේවයට අවුරුදු 5 ක කාලයක් සඳහා ඇතුලත් කරන්නත් …පොලිස් උපසේවවට ….ඊට අමතරව
පොලිස් සේවාවට 5000 ක් බඳවා ගන්නත් …ඒ වගේ උසස්වීම් ප්‍රමාදවී ඇති පහල ශ්‍රේණියේ 5000 කට
පමණ උසස්වීම් මාස තුනක් ඇතුලත ලබා දෙන්නත් කටයුතු කරනවා …මිට අමතරව පොලිස් පරීක්ෂක
තනතුරු පුරප්පාඩු 1500 ක් පිරවීමට කටයුතු කරනු ලබනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here