වවුනියාව රම්බෙයිකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී ගිනි අවි සහ පතොරම් තොගයක් හමුවී
තිබෙනවා.

ඊයේ (09) වවුනියාව හොරොව්පතාන පාරේ රම්බෙයිකුලම් ගම්මානයේ ළිදක තිබී ටී -56
වර්ගයේ ගිනි අවි දෙකක් හා පතරොම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුනා.

රම්බෙයිකුලම ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු සිය ඉඩමේ ළිද සුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී
ළිදෙන් මෙම ගිනි අවි දෙක හා පතරොම් හමු වීමෙන් පසුව ඔහු ඒ බව වවුනියාව පොලීසිය
වෙත දැණුම් දී තිබෙනවා.

වවුනියාව පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාල ස්ථානයට
ගොස් එම ස්වයංක්‍රීය ගිණි අවි දෙක හා පතරොම් පන්සීයකට ආසන්න ප්‍රමාණය ගොඩ ගෙන සිදු
කළ පරීක්ෂණ වලදී හෙළි වී අත්තේ ඒවා වසර විස්සකට වඩා වැඩි කාලයක් පරණ මෙනේම
එතරම් කාලයක් ළිදේ මෙම අවියුධ තිබී ඇති බවය.

ඒ අනුව වවුනියාව පොලීසිය එම ගිණි අවි හා පතරොම් පුපුරවා විනාශ කිරීම පිණිස අධිකරණ
නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here