පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නවක සභිකයින් 750 දෙනෙක් දිවුරුම් දීම අද සිදු වනවා.
ඒ අනුව, නවක සභිකයින් දිවුරුම් දීම සමග ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.