ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් පිරිසකට වහාම
ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිසම සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස පත්කොට ඇති අතර
පොලිස් අධිකාරි ඒ.එස්. කේ බණ්ඩාර අමපාර කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙතත් මාරුකර තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී. අනුරංග ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙතත් මාරුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරි සී. එල්. ඒ ප්‍රසන්න ඇල්පිටිය
කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙතත් සහකාර පොලිස් අධිකාරි එම්.ඩි.බි දීප්ති කුමාර
නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙතත් මාරුකර ඇත.
මිට අමතරව ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරු පිරිසක්ද
වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවට ලක්කොට තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරික්ෂෙ ජේ.ඩී.ඩී.සී. ජයකොඩි බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට
සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙතත් ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න
කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙසත් ස්ථාන මාරුවට
ලක්කොට ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පි.සී.යූ. රාජපක්ෂ මානව සම්පත් කළමණා කරන කොට්ඨාසයේ සිට
උඩවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත්කොට තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රත්‍යන්දු ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට
මඩකලපුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇති අතර ප්‍රධාන පොලිස් පරික්ෂක
කේ.එම්.ඩී.එන්.ඩී. කාන්ගර ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මුලස්ථාන පොලිස්
පරීක්ෂක ලෙස මාරුකර ඇත.
ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.සී.එන්. අබේනාරයන අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට
ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානාධිපති ලෙස පත්කොට ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස් . රත්නායක
මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති ලෙස පත් කොට තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.ජී.එස්.විජේසිංහ නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සමනය
රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාපය වෙත මාරුකර හැර ඇති අතර පොලිස් පරික්ෂක එම්.එච්.එන්. තාරක
බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරී ඉටු
කිරීම සඳහා පත්කොට ඇත.
පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති මීගමුව කොට්ඨාසයේ සිට ඛෙමුල්ල පොලිස් ස්ථානාධිපති
තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත්කොට තිබෙනවා.