ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද පැවසෙනවා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here