16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනෙකුගේ මුහුණත ඡායාරූපයට ඒ අයි තාක්ෂණය ඔස්සේ සම වයසේ නිරුවත් ශරීර බද්ධ කර වට්සැප් සමූහයන් වලට සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනෙකු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කර ඇත්තේ ඇත්තේ පැමිණිලිකාර පාර්ශවය අධ්‍යාපනය ලබන පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් සහ හොරන ප්‍රදේශයේ වෙනත් පාසලක සිසුවෙකි.

එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවූම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

හොරණ ප්‍රසිද්ධ පාසලක සිසුවියක් සමග ඇයගේ මව්පියන් දෙදෙනා මොරගහහේන පොලිසිය වෙත පැමිණ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා හමුවී තම දියණියගේ මුහුණේ ඡායාරූපය යොදා යම් තාක්ෂණයක් ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප වට්ස්ඇප් සමූහයක සංසරණය වන බවත් ඒ හේතුවෙන් තම දියණිය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් ඇය අමතර පන්ති යාමටද මැලිකමක් දක්වන බව පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනලෙස පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.

එකී පැමිණිල්ල සටහන් කර දිනක් ගතවීමට මත්තෙන් එයාකාරයෙන් එම පාසලේම සිසුවියන් තිදෙනෙකුගෙන් තවත් පැමිණිලි තුනක් පොලිසිය වෙත වාර්තා වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ ස්ථානාධිපතිවරයා කඩිනම් විමර්ශනයක් පැවැත් විය.

ඒ අනුව පැමිණිලිකාර සිසුවියන් අධ්‍යාපන ලබන පාසලේ සිසුන් සිව් දෙනෙකු , කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු හා හොරණ ප්‍රදේශයේම පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරිණි.

අනතුරුව සිසුවියන්ගේ මුහුණු ඡායාරූප වලට ඒ අයි තාක්ෂණය යොදාගෙන නිරුවත් ඡායාරූප බද්ධ කර නිර්මාණය කළ සැකකාර සිසුවා හඳුනාගෙන අත් අඩංගුවටගැනීමටත් එම ඡායාරූප සැපයූ සහ නිර්මාණය කිරීමෙන් අනතුරුව ඒවා වට්සැප් සමූහයන් වලට සංසරණය කළ සැකකාර සිසුවා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් හැකිවූ බව පොලිසිය කියයි.

ඡායාරූප සපයා නිර්මාණය කිරීමෙන් අනතුරුව සංසරණය කර ඇත්තේ එම සිසුවියන් සමඟ එකම බත් පත බෙදා හදාගෙන කන සිසුවා බවත් ,නිර්මාණකරු වෙනත් පාසලක සිසුවෙක් බවත් පොලිසිය කියයි.

රිමාන්ඩ් භාරයට පත ලද සැකකාර සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here