යාපනය වඩමරච්චි චැම්පියන්පත්තු ප්‍රදේශයේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක්
හේතුවෙන් එම ධීවර ගම්මානයේ ධීවර පැල්පත් තුනකට කිසියම් පිරිසක් විසින් ගිණි තබා
ඇත.
ඊයේ රාත්‍රී (8) සිදුකර ඇති මෙම ගිනි තැබීම හේතුවෙන් එක් ධීවර වාඩියක් මුලුමනින්ම විනාශ
වී ගොස් ඇති අතර තවත් දෙකකට අර්ධ හානි සිදුව තිබෙනවා.
ධීවර පැල්පත් අහිමි වූ පිරිස යාපනයේ මරදන්කේණී පොලීසියට පැමිණිලි කොට ඇත්තේ
ගින්නට හසු වී තම ධීවර වාඩි වල තිබූ දැල් ආම්පන්න හා තවත් ධීවර උපකරණද ධීවර
හැදුණුම්පත් වැනි ලිපි ලේඛන රැසක්ද විනාශ වී ගොස් ඇති බවයි.
චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ඇතැම් ධීවරයින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත
වීම නිසා එම ගම්මනයේ ධීවරයින් අතර නිතර නිතර ආරවුල් ඇති වන අතර එවැනිම ගැටුමක
ප්‍රතිපලයක් වශයෙන් මෙම ධීවර පැල්පත් වලට ගිණි තබා ඇති බව සඳහන්.
මරදන්කේණී පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.