රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිතිමය පියවර
නොගෙන සිටීම සඳහා රුපියල් දස දහසක(10000) මුදලක් ලබාගත් බව කියන ත්‍රිකුණාමලයේ
කින්නියා පොලිසියේ සැරයන් වරයෙකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (9) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ කින්නියා පොලිස් ස්ථානයේ
සේවය නියුතුව සිටි පොලිස් සාජන්වරයකු වන ඉදුනිල් වික්‍රමසිංහ නැමැත්තෙකි.

පැමිණිලිකරුගේ පුතෙකු පසුගිය දිනෙක එම පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදියක් ධාවනය කරමින්
සිටින අතරතුර සැකකාර සැරන්වරයා ඔහුව නවතා රියදුරු බලපත්‍ර ඉල්ලා ඇති නමුත් පැමිණිලිකරුගේ
පුතා සතුව රියැදුරු බලපත්‍රයක් තිබි නොමැති බවද අල්ලස් කමිසමේ විමර්ශන නිලධාරින් අධිකරණයට
දන්වනු ලැබුවා.

පසුව සැකකාර සැරයන්වරයා එම ධාවනය කරන ලද යතුරුපැදිය සහ පැමිණිලිකරිගේ පුතු පොලිස්
භාරයට රැගෙන ඇති බවත් ඔහුට එරෙහිව නීතියමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකර නිදහස් කිරීම
සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවත් විමර්ශන් නිලධාරින් අධිකරණයට දන්වා
සිටියහ.

එම ඉල්ලීමට පැමිණිලිකරුගේ පුත්‍රයා එකඟතාවය ප්‍රකාශ කර ඇති බවත්, පසුව පැමිණිලිකරු ඒ
සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කරන ලද දැනුම් දීමකින් අනතුරුව උපාය දූතයන් යොදවා සැකකරු
අත්අඩංගුවට ගත් බව නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ මෙම සැකකරු ඉකුත් 28 වන දින අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here