වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක සංවා තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 100 කට වැඩි තොගයක්
පොලිසිය සොයගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (09)
දහවල් වීරකැටිය පොලිස් වසමේ අතුබොදේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් සහිත කුරුඳු වගාව
සහිත ඉඩමක් සෝදිසියකට ලක්කලා.
එහිදී කුරුඳු ඉඩම තුල සඟවා තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 යි ග්‍රෑම් 460 ක් සොයා ගැනීමට හැකිවූ බව
පොලීසය පවසනවා.
මෙම හෙරොයින් තොගය පැකට් 100 ක ඇසුර තිබු බව සඳහන්.
මත්ද්‍රව්‍ය තොගය මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් සම්බන්ධයෙන් කොරතුරු අනාවරණය කරගැනීම
සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබනවා.