ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර
ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්වුණා.
චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්
සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටිනවා.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය
අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට ලක්වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදීය හැකි ඉදිරි
දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වුණා.
.
ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන්
පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට
ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරන ලදී.
එම ගමනේදී චීනයේ මෙන්ම ජජියාන් පළාතේ සහායද වර්ථමාන චීනය දක්වා පැමිණි ගමනේදී චීන
කොමියුනිස්ට් පක්ෂය ලද අද්කීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ප්‍රධාන ලේකම්
ටිල්වින් සිල්වා සඳහන්කර සිටියා