දිවයිනේ රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු
මෙන්ම ආහාර පාන ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථාන
වලට (Chabad Centres) ආරක්ෂාව යොදවා ඇතිබව පොලිසිය පවසනවා.

පොලිස් වසම් කිහිපයක් තුල ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථාන වලට (Chabad
Centres) පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාල පොලිස් ස්ථාන මඟින් මේ වන
විට පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇති බව
පොලිසිය පවසනවා.

තවද දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්
කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව
සැපයීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව පොලිස් මුලස්ථානය දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here