ශාරීරික දඬුවම් මගින් දරුවෙකුට සිදුවන ශාරීරික සහ මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මගින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීමට සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීමට විධිවිධාන පැනවීම සඳහා ,දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නොමැත.

ඒ අනුව එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින්, පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here