2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) තීරණය කර තිබෙනවා.
ඒ, හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදියි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දෙනු ලැබුවා.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති මහජන උපදේශන ක්‍රියාවලියේදී ලැබුණු ලිඛිත හා වාචික ඉදිරිපත් කිරීම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
මීට පෙර, ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 18.3% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියා.
යෝජනාව ඉදිරිපත් කරමින් CEB පෙන්වා දී තිබුණේ එම ගාස්තු වැඩිවීම, ඉහළ යන මෙහෙයුම් පිරිවැය කළමනාකරණය කිරීම සහ පෙර ණය ගැනීම් ඇතුළුව ණය ආපසු ගෙවීම්වලට අදාළ වන බවයි.