රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩ තහනමට ලක්ව ඇති කාල සීමාවේදී  අඩක් පමණක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදු කෙරෙන විමර්ශන අනුව තුෂාර උපුල්දෙනිය මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here