හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ පවතින ගැටලු විසඳීම සඳහා අවධානය යොමු
කොට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

එම රක්ෂිත කලාපය තුළ උද්ගත වී තිබෙන ගැටළු විසඳීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස
නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කීපයක් ඉදිරිපත් කළ
මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද (11) ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරු –

  • න්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ ඇති ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා
රජයේ අවධානය යොමු වී තිබෙන අතර ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

එහිදී අදාළ රක්ෂිතය ලෙස නම් කළ ප්‍රදේශයේ කළ යුතු සහ නොකළ යුතු කරුණු කුමක්ද? යන කරුණු
සහ පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහන ලබාදීමට තිබෙන හැකියාව පිළිබඳව කරුණු සලකා බලමින්
සිටින බවද ඇය සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දැනුම් දීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙසත් ඇය
අධිකරණයෙන් ඉල්ලා සිටියා. .

ඒ අනුව අදාළ පෙත්සම ජුනි මස 24 වැනිදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට මෙම
කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.

අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂවරයා ,වනජීවී ඇමතිවරයා ,සූරිය වැව,
තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරු, වාරිමාර්ග අධ්‍යක්ෂවරයා, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here