බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගත් පරිදි බහලුම් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන්
අදාල අය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා
සිටිනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටින්නේ රේගු දෙපාර්ත –

  • මේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා කතානොකරන බවයි.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය…..
“මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ
කරනවා…. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා …
ප්‍රකාශ කරනවා…. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා
ප්‍රකාශ කළේ නෑ… ජනාධිපතිවරයා රේගු දෙපාර්තමේන්තුව දුෂිත ආයතනයක් ලෙස …
නොදකින්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා… කෙසේ නමුත් ජනාධිපතිවරයා ඕනෑකමින්
බහලුම් 323 ප්‍රශ්නය යටගහන්න උත්සහ දරන බවක් පෙනෙන්න තිබෙනවා…. බහලුම් 323 ක් ..
නිදහස් කිරිම සම්බන්ධයෙන් අවසාන වගකිම දැරිය යුත්තේ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා.
ඒ නිසා බහලුම් 323 කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරිමේ වගකිම ජනාධිපතිවරයාට පැවරිලා
තිබෙනවා… ඒ නිසා ජනාධිපතිවරයා එම චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ.

ඒ වගේම සිරකරුවන් නිදහස් කිරිමේ චෝදනාවක් යටතේ බන්ධනාගාර කොමසාරිවරයා ….
අත්අංගුවට ගෙන තිබෙනවා…. ඔහුව අත්අංගුවට ගත්තානම් බහලුම් 323 සිද්ධියට වගකිව යුතු
පුද්ගලයන්ද අත්අංගුවට ගත යුතුයි… ඒ වගේම පරික්ෂණයක් පවත්වලා තමයි අත්අංගුවට ගැනිම
සිදුකරන්නේ… අත්අංගුවට අරගෙන පරික්ෂණ පවත්වන බෑ…. නමුත් ආණ්ඩුව රාජ්‍ය නිලධාරින්
අත්අඩංගුවට අරගෙන පරික්ෂණ පවත්වන්න කටයුතු කරනවා…. ඒ වගේම නිදහස් කළ සිරකරුවන්
388 ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා… ජනාධිපතිවරයා අත්සක
කළ ලැයිස්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිට යවපු ලැයිස්තුවත් ,රටට ඉදිරිපත්…
කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලලා සිටිනවා… ඒ වගේම ජාතික ජන බලවේගයට බලය ලැබෙන
පළාත් පාලන ආයතනවලට ඇස් වහගෙන ප්‍රතිපාදන සඳහා ලියකියවිලි වලට අත්සන් කරන බව
ජනාධිපති කිව්වා.

මේ ලැයිස්තුවත් ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ… ඒ වගේම බහලුම් 323 ලැයිස්තුවත්
ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ…. ඒ වගේම ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම්
7 පිළිබඳව කිසිදු තොරතුරක් ආණ්ඩුව හෙළි කරන්නේ නෑ… ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ඇසැයි යුතු
බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා… එම ගිවිසුම් 7 ත් ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here