ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසන් මහා තරගය අද ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායකයා තීරණය කළේ ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව පන්දුව අතට ගැනීමටයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 56යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් Beau Webster ලකුණු 72ක් රැස් කළ අතර Steven Smith ලකුණු 66ක්ද, Alex Carey ලකුණු 23ක් හා Maus Labuschagne ලකුණු 17ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Kagiso Rabada කඩුලු 5ක් දවා ගත් අතර Marco Jansen කඩුලු 3ක් ද, Keshav Maharaj සහ Aiden Markram එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා.