මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබෙනවා .
අද (11) උදෑසන සිට උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ .
එම දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නතර කළ අතර අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා .
මෙම තත්ත්වය උඩ පේරාදෙණිය සහ මහනුවර අතර මගී ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමටයි පියවර ගෙන තිබෙන්නේ .
එමෙන්ම යළි දැනුම්දෙන තුරු මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීමේ කටයුතු නවතා දමා ඇති බව සඳහන්.