රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා.

ඒ අනුව මෙරට ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවත්, මෙම කොවිඩ් ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම, ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බවයි ඔහු සඳහන් කළේ.

නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් තත්ත්වයට පැමිණිය හැකි බවද, එවැනි පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති බවත්, නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතු බවයි වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here