යාපනයේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සදහා ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය
හා දෙමළ ජනතා සන්ධානය එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඊට අදාල ගිවිසුමකට ඊයේ (11) අත්සන් තබනු ලැබුවා.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය වෙණුවෙන් එම්.ඒ.සුමන්තිරන් මහතාද දෙමළ ජනතා
සන්ධානය වෙණුවෙන් සී.වී.විග්නේස්වරන් මහතාද මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.
ඒ අනුව නල්ලූර් ප්‍රාදේශීය සභාවේ බලය පලමු වසර දෙක සදහා දෙමළ ජනතා සන්ධානයටද
අනෙක් වසර දෙක සදහා ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයටද හිමි වනු ඇත.
මෙම ගිවිසුම නල්ලූර් ප්‍රාදේශීය සභාව සඳහා පමණක් බව වාර්තා වුවද, උතුරේ අනෙකුත්
ස්ථානවල දෙමළ ජනතා සන්ධානය ශ්‍රී ලංකා තමිල් අරුසු පක්ෂයට පූර්ණ සහාය ලබා දෙන
බවට ද පොරොන්දු වී තිබෙනවා.