පසුගිය දෙසතිය තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම්
මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු
පුද්ගලයන් හැත්තෑහය දෙනෙකු (76) නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන
තිබෙනවා,
එමෙන්ම ඩිංගි යාත්‍රා විස්සක් (20) ද නාවික හමුදා භරයට ගැනීමට කටයුතු
යාපනය කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු,
කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම, මඩකලපුව පලමින්මාඩු
යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, උතුරු සහ නැගෙනහිර නාවික
විධාන මඟින් සිදුකල මෙහෙයුම් මඟින් මෙම ධීවරයින් හා ඩිංගි යාත්‍රා අත්අඩංගුවට
ගනු ලැබුවා.
තහනම් ධිවර දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ආදිය හේතුවෙන් සැකකරුවන්
සහ ඩිංගි යාත්‍රා මෙන්ම තහනම් ධීවර දැල් 17ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු
කෙරුණා.
තවද, මෙම හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර
ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය,
ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත්
දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කරනු ලබුවා.