ප්ලස්ටික් නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය බවට සැකකෙරෙන
කොටස් විශාල ප්‍රමාණයක් මේ දිනවල යාපනයේ ප්‍රදේශ කීපයක මුහුදු
වෙරළට ගොඩ ගසන්නට ගෙන තිබේ.

යාපනයේ ධීවරයින් ධීවර අමාත්‍යවරයාට හා ධීවර පරීක්ෂක නිලධාරීන්ට
දැණුම් දී ඇත්තේ යාපනයේ පුංගුඩුතීව් කුරීකඩ්ඩුවාන් නාගදීපය ඩෙල්ෆ්ට්
ඇතුලු මුහුදු වෙරළ ප්‍රදේශ කීපයකට මෙම අරුම පුදුම කැබලි ගොඩ
ගසන්නට පටන් ගෙන ඇති බවයි.

ඉතා අලංකාර පබලු ලෙස දිස්වන මෙම කොටස් බොහෝ ධීවරයින් විසින්
එකතු කරන්නට පටන් ගෙන ඇතත් නාවික හමුදාව හා ධීවර පරීක්ෂක
නිලධාරීන් ඒවා එකතු කිරීම හෝ ඒවා අසලට යාම ධීවරයින් ඇතුලු සෙසු
පිරිසට තහනම් කොට තිබේ.

කෙසේ වෙතත් යාපනයේ මුහුදු වෙරල කලාප කීපයකටම ගොඩ ගසා
ඇති මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් ආරම්භ
වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here