Update : 3 : 26 PM

අනතුර සිදුවන විට යානයේ මගීන් අතරට ඉන්දියානු ජාතිකයන් 169ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් 7ක් අයත් වූ බව එයාර් ඉන්දියා තහවුරු කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත ගෙනයමින් සිටින බවත් සඳහන්.

——————————————————————————————————-

ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් (AI171) අද (12) දහවල් අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන විට යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 242 ක් සිට ඇති බව සඳහන්.

අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා කර නොමැත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ගුවන් යානය එක්සත් රාජධානියේ ගැට්වික් ගුවන්තොටුපළ වෙත ගමන් කරමින් තිබූ බවත්, එය අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ගුවන්තොටුපළ අසල ප්‍රදේශයකදී අනතුරට ලක්වූ බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නවීනතම මගී ගුවන් යානයක් වන Boeing 787-8 Dreamliner යානයක් බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ‘X’ හි සටහනක් තබමින් එයාර් ඉන්දියා මඟින් සඳහන් කර තිබුණේ, තවමත් තොරතුරු තහවුරු කර ගනිමින් පසුවන බැවින් ඉදිරියේදී වැඩිදුර යාවත්කාලීන කිරීම් සිදුකරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here