කාන්තාවකගේ විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ රාජංගනය පන්සලේ කිරින්දේ අස්වජිත් නම් වූ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රතිශෝධන අයදුම්පතකට යටත්ව රුපියල් ලක්ෂ 1ක ශරිර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළාය.
ඊට අමතරව රුපියල් 2500 දඩ මුදලක්ද, වින්දිත කාන්තාව සඳහා ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙසද නියෝග කළාය.
අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළාය.
අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාවට සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් ඒ චිවරධාරියාට මෙම දඬුවම නියම කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම දඬුවම නියම කළා අතර
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර හිමිනම හා උන්වහන්සේට පෙම් බැඳී පැමිණිලිකාරිය වට්සැප් ඔස්සේ හඳුනාගෙන ඇති බවයි.
එසේ හඳුනා ගැනීමෙන් පසුව හිමිනම විසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණිලිකාරියට ආරාධනා කර ඇත.
කිහිපවරක් අනුරාධපුරේ වන්දනා කළ පැමිණිලිකාරිය සිය සැමියා සමග සැකකාර හිමිනමගේ පන්සලේ ඇති කබානාවල නවාතැන් ගෙන ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
එහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පන්සලේ කබානා තිබේ දැයි විමසා සිටියාය.
ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සැකකාර හිමිනම විසින් පිටස්තර පුද්ගලයන් හට නවාතැන් පහසුකම් දෙන කුටි කබානා ලෙස හඳුන්වා ඇති බවය.
පසුව පැමිණිලිකාරිය විසින් තමාගේ නිවසේ වස් වැසීමට සැකකාර හිමිනමට ආරාධනා කර ඇති අතර එසේ ආරාධනා කර දින දෙකකින් පසුව සැමියා රැකියාව සඳහා ගෙදරින් බැහැරව ගොස් ඇත.
ඉන්පසුව දෙදෙනා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන වරින් වර ගෙදර සහ හෝටල්වල නතර වී සිටියත් ඇති අතර විරසක වීමෙන් පසුව අදාළ දර්ශන සැමියා වෙත වට්සඇප් මාර්ගයෙන් යොමු කොට ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ප්‍රකාශ කර සිටියේ තමන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඊට වරද පිළිගැනීමට සූදානම් බවය.
දෙදෙනා සමග කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය බවත්,අදාළ ප්‍රේම සම්බන්ධය පැමිණිලිකාරියගේ සැමියා දන්නා බවත් සැකකාර හිමිනම සඳහන් කළේය.
එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ මෙම කිසිවක් පැමිණිකාරියගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවය.
අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදා හරින ලෙසට නියෝග කළාය.
අදාල ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබීය.
පසුව මෙම නඩුව ඊයේ (12) දිනයේදී යළි කැඳවූ අතර අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළාය.
වරදකරු වූ හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ
තිසර චාමර මහතා පෙන්වා දුන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය මේ ආකාරයට වරද පිළිගත් තැනැත්තකුට දිය හැක්කේ අත්හිටවූ සිරදඬුවම් බවයි. ඒ අනුව සිය සේවාදායකයා වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් යොමු කරන අතර ඊට යටත්ව අරප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය ඇප මත මුදා හැරිමට නියෝග කළාය.
ඉදරියේදී ඒ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ කැඳවිමට නියමිතයි.