පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජය ගැනීම තුළින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාව 2016 වසරට පසුව ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයෙන් ඉහළ ස්ථානයකට පැමිණෙන පළමු අවස්ථාවද මෙය බව බවයි වාර්තා වෙන්නේ.
වසර 2016 දී ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 195 වැනි ස්ථානයේ පසුවූ අතර, වසර 2017 සිට මේ දක්වා 200 වැනි ස්ථානයෙන් පහළ රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.
මෑතක සිට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
